Tuesday, November 29, 2016

ටෙනිස් බෝලෙ

ටෙනිස් බෝලෙ තියෙන්නෙ ටෙනිස් ගහන්නයි.

ලංකාවේ නම් ටෙනිස් ගැහීම ක්‍රීඩාවක් ලෙස කරන්නේ ධනවත් අයයි.

ක්‍රිකට් වුණත් මිළ අධික ක්‍රීඩාවක්.

ඒත්, ලංකාවේ අපි ක්‍රිකට් අපට ගැලපෙන විදියට වෙනස් කර ගත්තා. ඕනැ තැනක ඕනැ විදියකට කරන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත් වුණා.

ටෙනිස් එහෙම වුණේ නැත්තේ ඇයි ද කියන එක හිතාගන්න බැහැ.

හැබැයි අපේ අය ටෙනිස් බෝලෙන් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ඒක සැහැල්ලු පන්දු ක්‍රිකට් කියලා වෙන ම ක්‍රීඩාවක් බවටත් පත් වුණා.

ටෙනිස් බෝලය අපේ ජීවිතවලට ගොඩක් සම්බන්ධයි. දැන් පාපන්දු තරමේ ලොකු ටෙනිස් බෝලත් වෙළඳපොළේ තියෙනවා.

ඒ වුණාට ටෙනිස් ගහන බෝලයට නියමිත ප්‍ර‍මාණයක් තිබෙනවා.  එහි විෂ්කම්භය සෙන්ටිමීටර් 6.54–6.86 විය යුතුයි. බර ග්‍රෑම් 56.0–59.4 විය යුතුයි. පහත වීඩියෝවේ දැක්වෙන්නේ ටෙනිස් බෝලයක් හදන හැටි.