දවසක් වසු පැටියෙක් තනියම තණකොළ කකා ඇවිදගෙන ගියා. මේ යන අතරතුරේදී ලොකු වතුර පිපාසයක් දැනිල ළඟ තිබුණු දියකඩිත්තකින් වතුර බොන්ට ලෑස්ති වුණා. මෙහෙම වතුර බොන්ට දියකඩිත්තට එන සතුන් අල්ලාගෙන කෑම දිවියාගේ සිරිතකි.
මේ වහුපැටියත් එහෙම හැංගිලා හිටපු දිවියකුට අසුවුණා.
වසු පැටියා හොඳටම බයවෙලා “අනේ! මේ මොකටද මාව අල්ලගන්නෙ? ඔයාගෙ බඩපිරෙන තරමට මගේ මස් නෑ. මම ළපටි මස් තියෙන කෙනෙක්. මගේ මස් රස නෑ. මාව අතහරින්ට.” වසුපැටියා දිවියට පින්සෙණ්ඩු වුණා. “ටික දවසකින් මම ලොකු වේවි වැඩියෙන් තණකොළ කෑවාම. මම එහෙම ලොකු වුණාම ඔබට කෑම සඳහා මෙතැනටම එනවා. එතකොට ඔයාට හිත පුරාම මගෙ මස් කෑමට පුළුවන්.”
මේ විදිහට වසුපැටියා දුක කියනකොට දිවියට දුක හිතුණා.
“ඔයා ඔය කියන්නෙ ඇත්තමද?” දිවියා අහනවා.
“ඔයා ලොකු වුණාම මගෙ ගොදුරට එනව ද?”
“මට මෙතරම් උපකාරයක් කරපු ඔබ අමතක කරන්නෙ නෑ. සත්තයි මම මෙතැනටම එනවා ඔබගෙ ගොදුර සඳහා” වසුපැටියා කිව්වා.
“හා හොඳයි මට අද ලොකු බඩගින්නක් නෑ. ඔබේ ඉල්ලීමට මම ඉඩ දෙනවා. හැබැයි, වසු පැටියෝ කියපු වචනෙ වෙනස් කරන්ට එපා!” දිවියා කියනවා.
හැබැයි මේ දිවියා ගිවිසුම් ලකුණක් හැටියට වසුපැටියගෙ කනෙන් කුඩා කොටසක් කඩා ගත්තා.
ඔහොම ටික කලකින් වසුපැටියා වැඩුණු ගොන් නාම්බෙක් වුණා. ඌට ශක්තිමත් අං තට්ටුවකුත් තිබුණා. එක දවසක් දිවියාට ගොන් නාම්බා මුණ ගැහුණා. දිවියට තරහ ගිහින් “උඹ ඔය වචනය ඉෂ්ට කරපු හැටි ද? හොඳයි, අද මම උඹව කනවා” කියල ගොන් නාම්බාට පනින්න ලෑස්ති වුණා.
“මගේ වචනෙ ඉෂ්ට කරන්ට තමා මෙතැනට ආවේ. ඉතින් ඉස්සර වෙලා ඔයා කැලේට ගිහින් කබරැස්ස වැලක් ගෙනල්ලා මා බඳින්ට. නැත්නම් මං බයවෙලා දුවන්ට පුළුවන්”
ඉතින් දිවියත් කැලේ තිබුණු කබරැස්සා වැලක් ඇදගෙන ඇවිල්ලා ගොන් නාම්බාගෙ කරේ එක කෙළවරක් ගැටගහල අනිත් කෙළවර දිවියගෙ කරේ ගැට ගහගත්තා.
ගොන් නාම්බා කියනවා “මා දිව්වත් ඔබට මා අල්ලා ගන්ට පහසුයිනේ.”
මෙහෙම කියපු ගොන් නාම්බා වලිගය කෙළින් කරගෙන දුවන්ට වුණා. වැලේ අනිත් කෙළවරේ ඉන්න දිවියත් ගොන් නාම්බා පස්සෙ ඇදි ඇදී ගස් ගල්වල හැපි හැපී යනවා.
ඒ යන ගමන් දිවියට හිතෙනවා “මම මේ ගොන් නාම්බට රැවටුණා” කියලා දිවියා කවියක් කියනවා.
පොඩිකොට නොකෑ කොට
ලොකු කොට කන්ට බැරි කොට
මා අත වරද කොට
ගස්ස ගස්සා නාදු කන් කොට"
මේක ඇහුණ ගොන් නාම්බා කියනවා
"බාලෙදි නොහැකි කොට
ගැලවී ගියා දඟ කොට
දැන් හැකි නිසා මට
තෝත් ඇදගෙන යනවා නිරයට"
ගොන් නාම්බා කවිය කියල වේගයෙන් දුවන්ට පටන් ගත්තා. ටික වේලාවකින් දිවියා ගල්මුල්වල හැපිලාම තුවාල වුණා.
ගොන් නාම්බා මඟ නැවතිලා හිතනවා කුඩා කල මාව අල්ලාගෙන කෑවෙ නැහැනෙ. ලොකු වුණාම කන්ට පොරොන්දු වෙලා මාව අතහැරියනෙ. එහෙම හිතල ගොන් නාම්බා කබරොස්ස වැලේ කෙළවර දිවියගෙ කරෙන් ගලවල නිදහස් කළා. දිවියා අමාරුවෙන් ගාට ගාට කැලේ ඇතුළට ඇවිදගෙන ගියා.
(ජනකතාවක් ඇසුරෙනි.)
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
3 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල, කොළඹ - 08 (සිළුමිණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)
Tuesday, January 3, 2017
Sunday, January 1, 2017
මං කැමතියි අනාගතේ වෛද්‍යවරියක් වෙන්න. මගේ අම්මා වගේ අයව සනීප කරන්න
නෙත්මි දහරා 2016 වසරේදී පහේ ශිස්‍යත්ව විභාගය සමත් වුණා.
ඒත්, ඇය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ තවත් එක් දැරියක් විතරක් නෙමෙයි.
හක්මණ ඇල්ලෙවෙල කණිටු විදුහලෙන් ඇය පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණේ වසර 40කට පසුවයි.
“මං කැමතියි අනාගතේ වෛද්‍යවරියක් වෙන්න. මගේ අම්මා වගේ අයව සනීප කරන්න," නෙත්මි පවසනවා.
නෙත්මිගේ අම්මාත්, තාත්තාත් මානසික අබාධ සහිත පුද්ගලයන් දෙදෙනෙක්. දුප්පත්කමට විතරක් නෙමෙයි අවාසනාවටත් එරෙහිව අරගල කර ඉදිරියට යන මෙවැනි දරුවන් පුංචි ඔබටත් ආදර්ශයක්.
ඒත්, ඇය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ තවත් එක් දැරියක් විතරක් නෙමෙයි.
හක්මණ ඇල්ලෙවෙල කණිටු විදුහලෙන් ඇය පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණේ වසර 40කට පසුවයි.
“මං කැමතියි අනාගතේ වෛද්‍යවරියක් වෙන්න. මගේ අම්මා වගේ අයව සනීප කරන්න," නෙත්මි පවසනවා.
නෙත්මිගේ අම්මාත්, තාත්තාත් මානසික අබාධ සහිත පුද්ගලයන් දෙදෙනෙක්. දුප්පත්කමට විතරක් නෙමෙයි අවාසනාවටත් එරෙහිව අරගල කර ඉදිරියට යන මෙවැනි දරුවන් පුංචි ඔබටත් ආදර්ශයක්.
Subscribe to:
Posts (Atom)