Thursday, December 15, 2016

සිරියාවේ බනා අල්-ආබෙද්

“මගේ තාත්තාට තුවාල වෙලා. මං අඬනවා,"  ඉහත පිංතූරයේ සිටින බනා අල්-ආබෙද් ඒ පණිවුඩය ට්විටර් මගින් ලෝකය සමග බෙදා හදා ගත්තා. ඇය සත් හැවිරිදි සිරියානු දැරියකි. 

ඇය ජීවත් වන්නේ කැරැලිකරුවන් විසින් අල්ලාගෙන සිටි සිරියාවේ ප්‍ර‍ධාන නගරයක් වන ඇලෙපෝ නගරයේයි. සිරියානු රජයේ හමුදා ඒ නගරය අල්ලා ගැනීමට කළ යුද මෙහෙයුමේදී බනාත්, ඇගේ බාල සොයුරු සොයුරියන් ඇතුළු මුළු පවුලත් සෑහෙන්න දුක් වින්දා.


බනාත් ඇගේ මව ෆාතිමාත් පසුගිය සැප්තැම්බරයේ සිට ඇගේ නමින් ට්විටර් ගිනුමක් හදා ඒ හරහා ලෝකය සමග ඇලෙපෝහි යුද තොරතුරු බෙදා හදා ගත්තා. 


යුද ගැටුම් මැද, බෝම්බ තර්ජන මැද ඇය හා ඇගේ සොයුරු සොයුරියන් බියෙන් ගෙවන ජීවිතය ගැන ඇය ලිව්වා. 


ඒ ට්විටර් සටහන් ලෝකයේ අවධානයට ලක් වූ අතර කෙටි කලකින් ලක්ෂ දෙකක් පාඨකයෝ ඇගේ ට්විටර් ගිනුමට දායක වුණා. ඔවුන් ඇය ලියන දේ කියවන්න මග බලා සිටියා.


මෙම සටහන තබන විට ඇය සිය අවසන් ට්විටර් සංදේශය ලියා තිබුණේ දෙසැම්බර් 13දා යs. 


“මගේ නම බනා. මට වයස අවුරුදු 7යි. මම සජීවීව ලෝකය අමතන්නේ නැගෙනහිර ඇලෙපෝ සිටයි. මේ මැරෙන්නට හෝ ජීවත් වන්නට මට ඇති අවසන් අවස්ථාවයි," යි ඇය සටහන් කළා. 


බනා මෙම ට්විටර් ගිනුම පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි ගුරුවරියක වන ඇගේ මවගේ උපකාරයෙනි. ඇගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරියක වීමයි. එසේම, පොතක් ලියන්නට ද ඇයට උවමනාව තිබේ. ඇය අපේ කාලයේ ඈන් ෆ්‍රෑන්ක් ද? 


ඈන් ෆ්‍රෑන්ක් කවුරුද කියා අපි පසුව කියවමු. එතෙක් ගූගල්හි සොයා බලන්න.

No comments:

Post a Comment